Home

 

“විද්‍යා දදාති විනයං ….“

වර්ෂ 1890 දකුණු ලක වැලගම් පුරවරයේ දුවා දරුවන්ගේ සිප් නැණ පහන් දල්වනු පිණිස බෞද්ධ විද්‍යාලයක් වශයෙන් ආරම්භ කෙරුණු වැලිගම සිද්ධාර්ථ විද්‍යාලය මේ වන විට දෙස් විදෙස් සුවහසක් විද්වතුන් රැසක් බිහිකර ඇත.

වර්තමානයේ 1AB සුපිරි පාසල් ගණයට අයත් අප පාසල ප්‍රදේශයේ පිරිමි දරුවන් දහසකට ආසන්නව දැනුමින් පෝෂණය කෙරේ…

දකුණු ආසියාවේ තනි මහලක් සහිත දිගම ගොඩනැගිල්ල හිමි අප පාසල සිසු දරුවන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට හිතකර භෞතික හා මානව සම්පත් රැසකගෙන් සමන් විත වේ..

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සමාන්තර පන්ති 06 බැගින් ද, උසස්පෙළ කලා, වාණිජ, විද්‍යා ගණිත සහ තාක්ෂණික විෂය ධාරාවන් යටතේ සිසු දරුවෝ ඉගෙනුම ලබති.