වාර්ෂික ක්‍රීඩා උත්සවය – 2018

අප විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවය පෙබරවාරි මස 07 වන දින වැලිගම සේනානායක ක්‍රීඩාංගනයේ දී පැවැත් වූ අතර එදින උදැසන 9 සිට පස්වරු 6 පමණ තෙක් උත්සවයේ කටයුතු පැවතිණි. විජය, ගැමුණු, පරක්‍රම හා තිස්ස නිවාස යටතේ සිසුන් ක්‍රීඩා කටයුතු වල යෙදුනු අතර මෙවර පරාක්‍රම නිවාසය ජයග්‍රහණය ලැබීය. මෙම උත්සව අවස්ථාවට දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක කිත්සිරි දිසානායක මැතිතුමා ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වූ අතර අනිකුත් ආරාධිත අමුත්තන් ලෙස කොට්ඨාෂ අධ්‍යපන අධ්‍යක්ෂිකා කමලා මීගහවත්ත මැතිණිය ඇතුලු අමුත්තන් රැසක් සහභාගී විය.


The Annual Sports  Meet of Siddhartha National College was held on 7th February  2018 at the Senanayaka ground, Weligama. It was commenced at 9.00 a.m and it lasted until 6.00 p.m.Vijaya,Gemunu,Parakrama and Thissa are the four houses of our school and the Parakrama house got the victory by challenging all the other houses.The Chief Guests of this grand occasion were the Provincial Director  of   Education, MR. Kithsiri Dissanayake, the Divisional Director  of  Education, Mrs. Kamala Meegahawaththage, Venerable  theroes and other responsible authorities .


වාර්ෂික දානමය පිංකම……

 අප විද්‍යාලයේ නිර්මාතෘ මුදලිඳු ඩී.එම්. සමරවීර මැතිතුමාගේ ගුණානුස්මරණ උත්සවයට සමගාමිව පැවැත්වෙන වාර්ෂික දානමය පිංකම මෙවරත් පෙබරවාරි මස 02 වන දින පැවැත්විණි. දෙමාපියන් හා පාසල් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් මෙම පිංකම පැවැත්විණි… එදින ස්වාමින් වහන්සේලා 15 නමකට දානය පිරිණැමීම සිදුවිය..

MR/Siddhartha College annually held the alms giving in the month of February to commemorate the pioneer of our school, Mudalindu Samaraweera. This is a very special occasion and almost all the students,parents and teachers actively participate in giving their helping hands to make the occasion successful.Mainly, the principal and the other authoritative members dedicate theirvaluable time to succeed the occasion.

පරිත්‍යාග…2018

2018-01-11 දින  බ්‍රිතාන්‍ය ජාතික Maurice Scott Weightman මහතා විසින් විද්‍යාලයේ සිසු දරුවන් සදහා අධ්‍යාපනික උපකරණ හා ක්‍රීඩාවෙන් දක්ෂතා දක්වන සිසුන් සදහා මූල්‍ය  පරිත්‍යාගයන්  කරන ලදි. මීට පෙර සිට ද විවිධ අවස්ථාවල අප සිසු දරුවන් වෙනුවෙන් කැප වන එතුමන්ට අපගේ කෘතඥතාව පළ කරමු.

වාර්ෂක ක්‍රීඩා උත්සවය…2018

අප විද්‍යාලයේ වාර්ෂක ක්‍රීඩා උත්සවය පෙබරවාරි මස 07 වන දින  පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති  අතර අනිකුත් කණ්ඩායම් තරග වන ක්‍රිකට්, වොලිබෝල් හා එල්ලේ තරග මේ වන විට පවත්වා අවසන් කර ඇත. මූලික පිටියේ තරග පෙබරවාරි මස  01 දින ද, පාපන්දු තරග පෙබරවාරි මස 02 වන දින ද, අවසන් තරග 07 වන දිනයන් හි යෙදීමට කටයුතු යොදා ඇත.

මැරතන් ධාවන තරගය

2018-1-26 වන දින අප විද්‍යාලයේ වාර්ෂක ක්‍රිඩා උත්සවයේ තරග ඉසව්වක් වන මැරතන් ධාවන තරගය පවත් වන ලද අතර පෙ.ව. 7.00 ට පමණ විද්‍යාලය අසලින් ආරම්භ කල තරගය එය පැලෑන වට රවුම හා කුඹල්ගම මං සන්ධිය හරහා පැමිණ කුෂ්ඨරාජගල අසලින් අවසන් වන ලදි.

පරිගණක ක්‍රමලේඛණ රටා හදුනා ගැනීමේ වැඩසටහන (Hour of Code)…

පසුගිය දෙසැම්බර් මස 07 වන දින ජාතික මට්ටමින් අරලියගහ මන්දිරයේ පැවැත්වූ ‘‘Hour of Code“ සැසිය සදහා අප විද්‍යාලයේ සිසු දරුවන් සහභාගි වූ අතර එහිදි කේත කරණය පිළීබද වූ මූලික හුරුවක් ඔවුන්හට හිමිවිය… අධ්‍යාපන අමාත්‍යංශය හා මෛක්‍රෙසොෆ්ට් ආයතනය හා හෙඩ් ස්ටාර්ට් ආයතනය සම්බන්ධ වෙමින් මෙම සැසිය සංවිධානය කරන ලදි.

මෙම වැඩසටහන සඳහා අප විද්‍යාලයේ පහත නම් සදහන් සිසුන් සහභාගි වන ලදි.

 1.  8B –U.M.DULMIN  THEEKSHAN

 2.  8C-T.P.HASINDU   ISURANGA

 3.  8C-B.H.TARAKA   DILSHAN

 4.  8C-ERANTHA  RASHMIKA

 5.  8C-P.W.SATHUTU  SAMPATH

 6.  8C-P.HESHAN  DINTH

 7.  8D-SUDARA   NAYANAJITH

 8.  8D-P.H.KAUSHIKA  PRAMOD

 9.  8D-A.H.T.KAVEESHA  DILANJANA

10. 8D-P.A.T.H.DIMALSHA