History

පාසලේ ඉතිහාසය

දකුණු ලක ඓතිහාසික වැලිගම් පුරවරයේ සිද්ධාර්ථ බෞද්ධ ස්වභාෂා පාඨශාලාව, හෙට්ටිවීදිය නමින් හැදින් වූ ප්‍රදේශයේ අගුරුගහ කෝවිල නමැති දේවාලයට යාබද ඉඩමේ ආරම්භ වී ඇත.

මෙහි මුල්ම විදුහල්පතිවරයා ලෙස පත් වී ඇත්තේ ජෝන් ද සිල්වා නම් මහතා ය.මෙතුමා 1881 සිට 1903 වන තුරු පාසල් පාලනයේ යෙදෙමින් බෞද්ධ අධ්‍යාපනය දියුණු කිරිමට ක්‍රියාකර ඇත. ඕල්කට්තුමා පිහිටුවන ලද පරම විඥානාර්ථ සමාගමේ හා හික්කඩුවේ ශ්‍රී සුමංගල හා වැලිගම ශ්‍රී සුමංගල හිමිවරුන්ගේ සහයෝගයෙන් මෙම පාසල තවත් දියුණු වී ඇත.

මුලින්ම පාසල ලියාපදිංචි කරවා ගැනීමට ප්‍රධාන දායක සභාවට අයත් ඕල්කට්තුමා ගන්නා ලද උත්සාහ, ව්‍යාර්ථ වූයේ කෝල්බෘක් රජයේ ආදායම අඩුවීම නිසා ස්වභාෂා පාසල් ලියාපදිංචිය අත්හිටු වීමෙනි. පසුව නැවත, එනම් 1889 වන විට නැවතත් රජයේ ආදායම යහපත් වීමෙන් රජයේ නිලතල ධනවත් අයට දී ඔවුන් මගින් ආදායම් සරු කර ගැනීමට ගන්නා පියවර යටතේ වැලිගම ඩේවීඩ් මාර්ටින් සමරවීර මැතිඳුන් ‘මුදලි‘ තනතුරකට පත් විය. ඒ අනුව පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ දකුණූ පළාතේ මහ සභා රැස්වීම පැවැත්වීමත් සමග එහි සභාපති ධූරයට එකල තරුණයකු වූ සමරවීර මැතිදුන් පත්විය.

මෙම නව තනතුර තුළින් ඒ මහතා තවදුරටත් ගමේ පාසල දියුණු කිරීමට අවශ්‍ය, අධ්‍යාපන අරමුදලට වැඩි වැඩියෙන් ආධාර ලබා ගැනීමේ දී දායක සභාව තුළපෙරමුණ ගත්තේ ය. ක්‍රමයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වූ මෙම පාසලේ ගොඩනැගිල්ල අබලන් තත්ත්වයට පත් වී ඇති නිසා ලංකා ආණ්ඩුවෙන් උපදෙස් ලැබුණේ පාසල ලියාපදිංචි කිරීමට නම් ඉඩකඩ ඇති තැනක ස්ථීර ගොඩනැගිල්ලකට පාසල ගෙන යන ලෙස ය.  ඒ අනුව පාසල සෑදීමට ඉඩමක් සොයද්දී එම්.වී. දොන් ජොහානිස් ද සිල්වා මහතා පරිත්‍යාග කළ ‘ගණකළවත්ත‘ පාසල සෑදීමට යොදාගන්නා ලදි.

ඒ අනුව 1890 අවසාන භාගයේ දී පාසල ලියාපදිංචි කර ගැනීම සාර්ථක විය. මෙහි දි අප පාසල මුලින්ම ලියාපදිංචි කරන ලද්දේ ‘වැලිගම සිද්ධාර්ථ ස්වභාෂා ආධාර ලබන පාසල වශයෙනි.

1890 වන තුරු දායක සභාවේ පාලනයෙන් යුතුව පැවති අප පාසල, ‘සමාගමේ ඉස්කෝලේ‘ ලෙස ගැමියන් විසින් එකල  හඳුන්වා දී ඇත්තේඊට පෙර පැවති පාලනය,සමාගමේ පාලනය යනුවෙන් හඳුන්වා දී තිබූ බැවිනි. ඒ අනුව 1890 වේ දී අප පාසල, ඩී.එම්. සමරවීර මුදලිතුමාගේ කළමණාකාරීත්වයට නතු විය.

ලියාපදිංචි කිරිමෙන් පසු පාසල නම් කරන ලද්දේ ‘ආධාර ලබන ස්වභාෂා මිශ්‍ර පාසලක්‘ ලෙස වේ. ඉන් අනතුරුව 1961 දී පාසල රජයට පවරා ගන්නා තෙක් ම වැලිගම සිද්ධාර්ථ බෞද්ධ මිශ්‍ර ස්වභාෂා පාඨශාලාව යනුවෙන් හැඳින්විනි.

රජයට පවරාගෙන වසරක් යාමට මත්තෙන් එනම් , 1962 දී මහා විද්‍යාලයක් බවට පත්වන්නේ පාසලේ කීර්තීනාමය තවත තවත් පෘතුල කර ගනිමිනි. මෙම වකවානුවේ දී ම අ.පො.ස (උ.පෙළ) පංති ඇරඹීමට අවසර ලබන අප සිදුහත් මාතාවගෙන් කොළඹ, පේරාදෙණිය, කැළණිය හා ගංගොඩවිල සරසවි ප්‍රවේශ පංති ඇරඹෙනු ලබන්නේ එකල දිවයිනේ නම් දරා සිටි වෙනත් පාසල්වලට ද අභියෝගයක් වෙමිනි.

1966 දී ඇරඹි සංගීත අංශයේ දක්ෂතාව කියා පාමින් 1967 දී විද්‍යාලයීය සංගීත කණ්ඩායම සමස්ත ලංකා ගායන වාදන තරඟයට පිවිසෙන්නේ ලක් දෙරණේ සිදුහත් නාමය තව තවත් බබළවමිනි. මෙලෙස ජයග්‍රහණයෙන් විජයග්‍රහණයට පිදුම් ලද අප සිද්ධාර්ථ විද්‍යාලය තවත් සංධිස්ථානයක් සනිටුහන් කරගනිමින්, 1978 දී මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් විය. 1990 දි ඉදි කළ උසස්පෙළ විද්‍යාගාර ගොඩනැගිල්ල නව තාක්ෂණික ලෝකය කරා අධ්‍යාපනය රැගෙන යාමට රුකුලක් වන්නේ ය.

ආරම්භයේ සිටම මිශ්‍ර පාසලක් ලෙස පවත්වාගෙන ආ සිද්ධාර්ථ විද්‍යාලය, 1979 දී වැලිගම ‘සිද්ධාර්ථ බාලක මධ්‍ය මහා විද්‍යාලය‘  බවට පත් විය. නැවතත් වර්ෂ 1994 දී ජාතික පාසලක් පවට අප පාසල පත් වීය.

ඉන් අනතුරුව අප පාසලේ සේවය කළ කීර්තිමත් විදුහල්පති වරයකු වූ එස් .එල්. අග්ලම මැතිතුමාගේ මැදිහත් වීම මත පාසල් නාමය ‘මාර/සිද්ධාර්ථ විද්‍යාලය‘ (MR/SIDDHARTHA COLLEGE) ලෙසවෙනස් විය.

පාසලේ කීර්තිනාමය බබලවන ලද සිදුහත් දරුවෝ රැසක්, අප පාසල් මෑණියන් විසින් ඉතිහාසය පුරා වරින් වර ජාතියට දායා ද කර ඇත…

  • බ්‍රිතාන්‍යයයටත්විජිතයක්වපැවතිශ්‍රීලංකාවඉන්නිදහසලබනවාත්සමගමස්වෛරීයරාජ්‍යයකටඅවැසිඅපේමරාජ්‍යයලාංඡනයක්ද, ජාතිකකොඩියකදඅවශ්‍යතාව දැනෙන්නට විය. මෙම අවශ්‍යතාව සපුරාලමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය ලාංඡනය ද, ජාතික කොඩිය ද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සෙංකෝලය ද නිර්මාණය කරන ලද්දේ අභිමානවත් සිද්ධාර්ථ පුත්‍රයෙකි.
  • එසේම ත්‍රවිධ හමුදා ලාංඡනය නිර්මාණය කිරිමේ ගෞරය ද මෙතුමාට හිමි විය.
  • වත්මන් අප විදු බිමේ අභිමානවත් සිදුහත් පුත්‍රයකු වන සත්‍යා හෙට්ටිගේ මැතිඳුන්, ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු පදවියෙන් පිදුම් ලැබීය. 1948 දී උපත ලද මෙතුමා 1954 දී පාසලට ඇතුළත්ව 1971 දී කලා අංශයෙන් විශ්ව විද්‍යාලයේ නීති පීඨයට පිවිසි ආදි ශිෂ්‍යයෙකි. එතුමාගේ සේවය මව්බිමට පමණක් නොව විදෙස් රටවලට ද විහිදී පැවතීම සමස්ත සිද්ධාර්ථයින්ට අභිමානයක් වන්නේ ය.

අතීත නියමුවෝ…

1881-1903 ජෝන් ද සිල්වා මහතා
1903-1928 වාගීෂ්වරාචාර්ය ඒ.වී. අමරසිංහ මහතා
1928-1945 එම්.ඒ.වී. ධර්මවර්ධන මහතා
1945-1954 කේ.ඩබ්. චාර්ලිස් ද සිල්වා මහතා
1954-1959 එස්. විදානගේ මහතා
1959-1960 ඒ. නාණායක්කාර මහතා
1960-1962 ජේම්ස් අතපත්තු මහතා
1963-1979 ජී.ජී. පුංචිහේවා මහතා
1979.1.17-1979.2.2 ඩබ්.එස්. සුමති රත්න මහතා
1979-1980 කේ.යූ. ආටිගල මහතා
1980-1981 බී.බී. සිසිර මහතා
1982-1988 එස්.එල්. අල්ගම මහතා
1988-1989 එන්. සමරකෝන් මහතා
1989-2001 එස්.එල්. අල්ගම මහතා
2001-2002 පී.පී. ඩේසී අබේසූරිය මහත්මිය
2002.2.1-2002.9.12 කේ.එච්.ඩී. පද්මලාල් මහතා
2002-2003 නිමල් විදානපතිරණ මහතා
2003.9.4-2003.10.28 කේ.එච්.ඩී. පද්මලාල් මහතා
2003-2004 පී.පී. ඩේසී අබේසූරිය මහත්මිය
2004.8.22-2004.10.27 ජී.ජී.ඊ. ගුණසේකර මහතා
2004-2009 ආර්.එම්. ප්‍රේමතිලක මහතා
2009-2010 ජී.ජී.ඊ. ගුණසේකර මහතා
2010-2014 මුණිදාස රත්නසේක මහතා
2014-2016 එල්.වී.ඩී. ජයසුන්දර මහතා