Events

වාර්ෂික ක්‍රීඩා උත්සවය – 2018

අප විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවය පෙබරවාරි මස 07 වන දින වැලිගම සේනානායක ක්‍රීඩාංගනයේ දී පැවැත් වූ අතර එදින උදැසන 9 සිට පස්වරු 6 පමණ තෙක් උත්සවයේ කටයුතු පැවතිණි. විජය, ගැමුණු, පරක්‍රම හා තිස්ස නිවාස යටතේ සිසුන් ක්‍රීඩා කටයුතු වල යෙදුනු අතර මෙවර පරාක්‍රම නිවාසය ජයග්‍රහණය ලැබීය. මෙම උත්සව අවස්ථාවට දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක කිත්සිරි දිසානායක මැතිතුමා ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වූ අතර අනිකුත් ආරාධිත අමුත්තන් ලෙස කොට්ඨාෂ අධ්‍යපන අධ්‍යක්ෂිකා කමලා මීගහවත්ත මැතිණිය ඇතුලු අමුත්තන් රැසක් සහභාගී විය.


The Annual Sports  Meet of Siddhartha National College was held on 7th February  2018 at the Senanayaka ground, Weligama. It was commenced at 9.00 a.m and it lasted until 6.00 p.m.Vijaya,Gemunu,Parakrama and Thissa are the four houses of our school and the Parakrama house got the victory by challenging all the other houses.The Chief Guests of this grand occasion were the Provincial Director  of   Education, MR. Kithsiri Dissanayake, the Divisional Director  of  Education, Mrs. Kamala Meegahawaththage, Venerable  theroes and other responsible authorities .


වාර්ෂික දානමය පිංකම……

 අප විද්‍යාලයේ නිර්මාතෘ මුදලිඳු ඩී.එම්. සමරවීර මැතිතුමාගේ ගුණානුස්මරණ උත්සවයට සමගාමිව පැවැත්වෙන වාර්ෂික දානමය පිංකම මෙවරත් පෙබරවාරි මස 02 වන දින පැවැත්විණි. දෙමාපියන් හා පාසල් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් මෙම පිංකම පැවැත්විණි… එදින ස්වාමින් වහන්සේලා 15 නමකට දානය පිරිණැමීම සිදුවිය..

MR/Siddhartha College annually held the alms giving in the month of February to commemorate the pioneer of our school, Mudalindu Samaraweera. This is a very special occasion and almost all the students,parents and teachers actively participate in giving their helping hands to make the occasion successful.Mainly, the principal and the other authoritative members dedicate theirvaluable time to succeed the occasion.

පරිත්‍යාග…2018

2018-01-11 දින  බ්‍රිතාන්‍ය ජාතික Maurice Scott Weightman මහතා විසින් විද්‍යාලයේ සිසු දරුවන් සදහා අධ්‍යාපනික උපකරණ හා ක්‍රීඩාවෙන් දක්ෂතා දක්වන සිසුන් සදහා මූල්‍ය  පරිත්‍යාගයන්  කරන ලදි. මීට පෙර සිට ද විවිධ අවස්ථාවල අප සිසු දරුවන් වෙනුවෙන් කැප වන එතුමන්ට අපගේ කෘතඥතාව පළ කරමු.

වාර්ෂක ක්‍රීඩා උත්සවය…2018

අප විද්‍යාලයේ වාර්ෂක ක්‍රීඩා උත්සවය පෙබරවාරි මස 07 වන දින  පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති  අතර අනිකුත් කණ්ඩායම් තරග වන ක්‍රිකට්, වොලිබෝල් හා එල්ලේ තරග මේ වන විට පවත්වා අවසන් කර ඇත. මූලික පිටියේ තරග පෙබරවාරි මස  01 දින ද, පාපන්දු තරග පෙබරවාරි මස 02 වන දින ද, අවසන් තරග 07 වන දිනයන් හි යෙදීමට කටයුතු යොදා ඇත.

මැරතන් ධාවන තරගය

2018-1-26 වන දින අප විද්‍යාලයේ වාර්ෂක ක්‍රිඩා උත්සවයේ තරග ඉසව්වක් වන මැරතන් ධාවන තරගය පවත් වන ලද අතර පෙ.ව. 7.00 ට පමණ විද්‍යාලය අසලින් ආරම්භ කල තරගය එය පැලෑන වට රවුම හා කුඹල්ගම මං සන්ධිය හරහා පැමිණ කුෂ්ඨරාජගල අසලින් අවසන් වන ලදි.

පරිගණක ක්‍රමලේඛණ රටා හදුනා ගැනීමේ වැඩසටහන (Hour of Code)…

පසුගිය දෙසැම්බර් මස 07 වන දින ජාතික මට්ටමින් අරලියගහ මන්දිරයේ පැවැත්වූ ‘‘Hour of Code“ සැසිය සදහා අප විද්‍යාලයේ සිසු දරුවන් සහභාගි වූ අතර එහිදි කේත කරණය පිළීබද වූ මූලික හුරුවක් ඔවුන්හට හිමිවිය… අධ්‍යාපන අමාත්‍යංශය හා මෛක්‍රෙසොෆ්ට් ආයතනය හා හෙඩ් ස්ටාර්ට් ආයතනය සම්බන්ධ වෙමින් මෙම සැසිය සංවිධානය කරන ලදි.

මෙම වැඩසටහන සඳහා අප විද්‍යාලයේ පහත නම් සදහන් සිසුන් සහභාගි වන ලදි.

 1.  8B –U.M.DULMIN  THEEKSHAN

 2.  8C-T.P.HASINDU   ISURANGA

 3.  8C-B.H.TARAKA   DILSHAN

 4.  8C-ERANTHA  RASHMIKA

 5.  8C-P.W.SATHUTU  SAMPATH

 6.  8C-P.HESHAN  DINTH

 7.  8D-SUDARA   NAYANAJITH

 8.  8D-P.H.KAUSHIKA  PRAMOD

 9.  8D-A.H.T.KAVEESHA  DILANJANA

10. 8D-P.A.T.H.DIMALSHA

වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය (2016)

අප විද්‍යාලයේ පසුගිය වසර තුල දී අධ්‍යයන කටයුතු හා විෂය භාහිර හා සමගාමි කටයුතු වලදි දක්ෂතා දැක්වූ සිසුන් සදහා ත්‍යාග හා සහතික පත් ප්‍රධානය පසුගිය 27 වන දින පැවැත් වූ අතර  සම්භාවනීය අමුත්තන් රැසකගේ අතින් සිසු දරුවන් සදහා තැගී හා සහතික පත් බෙදා දීම සිදු විය. ප්‍රධාන ආරාධිත ලෙස පාසලේ ආදී ශිෂ්‍යය, ළමා රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද කොඩිතුවක්කු මහත්මා සහභාගී විය. එසේම දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් හිටපු නගරාධිපති අරින්ද්‍ර සනත් කුමාර මැතිතුමා සහභාගි විය. සිසුන් වෙනුවෙන් ත්‍යාග සපයා දීම සදහා කොළඹ සිද්ධාර්ථ සමාජය, පාලිත රත්නායක මහතා, ‘ෂා කොපිබියුරෝ‘ අධිපති තුමන් මහත් මෙහෙයක් ඉටු කල බව ගෞරව පූර්වකව සිහිපත් කරමු.

 

“සිසු නයු අබිසෙස් – 2017“

2017 වර්ෂය සදහා තෝරා පත් කර ගත් ශිෂ්‍ය නායකයින් හැට දෙදෙනෙකු (62)  සදහා 2017-07-10 දින නිල ලාංඡන පැළැඳවීම සිදු විය.

ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස 12 කලා අංශයේ, චමත් ජනනුවන් ශිෂ්‍යයා ප්‍රතිඥා දුන් අතර 11-A පන්තියේ ඉගෙනුම ලබන මිනුල නිශේල් හා මිලින්ද ප්‍රියශංඛ යන ශිෂ්‍යයින් උප ප්‍රධාන ශිෂ්‍ය නායකයින් ලෙස ප්‍රතිඥා දෙන ලදි.

  

මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාර/සිද්ධාර්ථ විද්‍යාලයේ ආදී ශිෂ්‍ය, ජාත්‍යන්තර සම්මානලාභී, කලාශූරී, ප්‍රවිණ චිත්‍ර ශිල්පී එස්.එම්. සරත් මහතා සහභාගී වූ අතර දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් දකුණු පළාත් සභා මන්ත්‍රි, වැලිගම සංවර්ධන කමිටු සම සභාපති ගරු චතුර ගලප්පත්ති මැතිතුමා හා වැලිගම නගරසභාවේ හිටපු උප නගරාධිපති අරින්ද සනත් කුමාර මැතිතුමා ද සහභාගී වූහ. එලෙසම මාර/ශ්‍රී සුමංගල විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍ය නාත්තේවෙල නන්දසිරි හිමිපාණෝ හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිතා කමලා මීගහවත්ත මැතිණිය, වැලිගම ප්‍රාදේශීය ලේකම්තුමා වන කේ.ජී. සුමිත් ශාන්ත මහතා (සිද්ධාර්ථ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය), මාර/අර්ෆා ජාතික පාසලේ විදුහල්පතිතුමා ද, මාර/සුමංගල විද්‍යාලයේ නි.විදුහල්පති ජේ.පී. සිරිල් මහතා හා ආචාර්ය ඩී.එම්. කරුණාරත්න මහතා, මාර/කූඩළුමුල්ල කනිෂ්ඨ විද්‍යාලයේ නි.විදුහල්පති පී.එස්.පී. දේවිකා රත්නායක මහත්මිය ද විශේෂ ආරාධිතයන් ලෙස සහභාගී වූහ.

“SISU NAU ABISES – 2017”

The investiture of 62 students as prefects for the year 2017 was held on the 10th of July 2017.

Chamatha Jananuwan of the Art stream was taken the oath as the head prefect and Minula Nishel and Milinda Priyasanka of grade 11-A class were taken their oath as deputy prefects of the school.

As distinguish guests an old boy of the school, international award winner master and  a genius artist Mr. S.M. Sarath and the co-president of the weligama Development committee ex.member of the  southern provincial council Mr. Chathura Galappaththi and ex.Vice chairmen of the Weligama Urban Council Mr. Arinda Sanath Kumara. Assistant Principal of MR/Sri Sumangala Girls’ college, Rev. Naththewela Nandasiri Thero, Divisional Director of Education Mrs. Kamala Meeghawatta, The Divisional Secretariat an old boy of the college Mr. K.G. Sumith Shantha, The principal of MR/Arfa College, Deputy principal of MR/Sumangala college. Mr. J.P. Cyril and Mr.D.M. Karunarathna, Deputy Principal of Mr/Kudalumulla Kanishta Viddyalaya Mrs. P.S.P Devika Rathnayaka were also participated for this event.

උත්සවයේ විශේෂ අවස්ථාවන්……

 

 

 

  

 

පරිත්‍යාග..

2017-06-29 දින  බ්‍රිතාන්‍ය ජාතික Maurice Scott Weightman මහතා විසින් විද්‍යාලයේ සිසු දරුවන් සදහා ක්‍රීඩා භාණ්ඩ සහ විවිධ වර්ගයේ අධ්‍යාපනික උපකරණ රැසක් පරිත්‍යාග කරන ලදි. තව ද එතුමා විසින් 2017 සහ 2018 වර්ෂ සදහා ක්‍රිකට් ක්‍රීඩාව සදහා අවශ්‍ය අධාර හා උපකරණ සපයා දෙන බවටත් එතුමා විසින් පොරොන්දු විය. මීට පෙර ද එතුමා විසින් විශාල වශයෙන් අප විද්‍යාලයේ සිසු දරුවන් සදහා ආධාර ලබා දුන් අතර ඒ පිළිබදව කෘතඥතා පූර්වකව ආවර්ජනය කර සිටිමු.

This is to pay our gratitude to Mr. Maurice Scott Weightman, a British national who has donated same sports equipment s and  some other educational materials for the well being of the students in our school on 29th of June 2017 and also for the keen interest of promoting cricket here. Specially promising to grant his assistance for the year 2018 as well. He had been assisting our school since many ears ago.

ආකල්ප සංවර්ධන වැඩසටහන…..

වැලිගම කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂිකා කමලා මීගහවත්ත මැතිනියගේ මැදිහත් වීම මත මාතර කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබු ආකල්ප සංවර්ධන වැඩසටහන 2017-05-15 වන අද දින වැලිගම කොට්ඨාසයේ පාසල්ගුවල ගුරුවරුන් සදහා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දි පැවැත් වූ අතර 2017-05-16 වන දින සිසුන් සදහා පැවැත් වේ.

ළමා රෝග විශේෂ්‍ඥ- වෛද්‍ය ජේ.එම්. නිලාම් මහතා විසින් මෙම වැඩසටහනේ දේශන කටයුතු සිදු කළ අතර යුනියන් ඇෂුවරන්ස් ආයතනය විසින් මේ සදහා මූල්‍ය අනුග්‍රහකත්වය දරණ ලදි….